Headlines

    රජය වී මිල දැනුම්දෙයි

    වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය. කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා, “අපි මිලදී ගන්නේ වියළි…

    Read More

    රතු කැකුළුවලට සුදු කැකුළු මිශ්‍ර කිරීමේ ජාවාරමක්

    රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය. ඒ…

    Read More

    පොල් හිඟයට හේතුව හෙළි වෙයි

    රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි. මහාචාර්යවරයා පැවසුවේ 2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති බවත් ඒ අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක්…

    Read More

    ගල්ඔය බැම්ම කැඩී යාමේ අවදානම තවදුරටත්

    ගල්ඔයේ ඉවුරු බිඳීයාමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ අම්පාර, සේනානායකපුර, සාමපුර සහ සුදුවැල්ල යන ගම්මානවල පවුල් 44ක පුද්ගලයින් 135 දෙනෙකු තවදුරටත් එහි රඳවා තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මේ වනවිට අම්පාර සේනානායක සමුද්‍රය වාන් මට්ටමට ආසන්න වෙමින් පවතින අතර, එසේ වුවහොත් එහි ජලය මුදාහැරෙන්නේ ගල්ඔයටයි.  අක්කර අඩි 770,000ක ධාරිතාවයකින් යුතු සේනානායක සමුද්‍රයේ…

    Read More

    උතුරේ ධීවර ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවකට තමිල්නාඩුවේ එකඟතාවය

    උතුරේ ධීවර නියෝජිතයින් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. උතුරේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග තමිල්නාඩුවේදී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ධීවර ගැටලුව සම්බන්ධයෙන් එස්. ශ්‍රීධරන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා…

    Read More

    පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු 95%ක් අවසන්

    පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 16,369ක මුදලක් ලබාදී ඇති බවය. පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත්…

    Read More

    අලුත් සහල් මංගල්‍යය දළදා මාලිගාවේදි පැවැත්වෙයි

    වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වුණි. ඒ වසරේ වසරේ පළමු වන පසළොස්වක පොහෝ දින වන උතුම් දුරුතු පොහොය දිනය වන අද (13) දිනයේදීයි. ශ්‍රී දළදා මාලිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු වන අග්‍ර භාගය අතීතයේ සිටම දුරුතු පොහෝ දින දළඳා සමිඳුන් වෙත පූජා කිරීම සිදුවේ. ඒ අනුව අද දිනයේදී ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්…

    Read More

    රටින් ගෙනා සහල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

    සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඊයේ දහවල් වනවිට මෙරටට ආනයනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 149,000ක්. මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි. එම අවසරය හිමිවූ පසුගිය දෙසැම්බර් 4වනදා සිට මේ දක්වා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත…

    Read More

    ජනවාරි තුන්වන සතියේ සිට වී මිලදී ගැනීමට රජය සූදානම් වෙයි

    ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි. වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය. ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද සඳහන් කරන ඒ මහතා ඉතා ඉක්මනින් ඊට අදාළ…

    Read More

    අස්වැන්නට හානි කරන පණු උවදුරක්

    පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන්ට අද වනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත් පණුවන් විශේෂයකින් හානි වීම හේතුවෙනි. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, අනුරාධපුරය, ඔයාමඩුව, විලච්චිය වැනි ප්‍රදේශවල කඹුරුවලට මෙම පණු උවදුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. ගොවීන් පෙන්වා දෙන්නේ, විවිධ කෘමිනාශක භාවිත කළද…

    Read More