Headlines

    පොල්වතු හිමියන්ට සහනාධාරයක්

    වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න්  මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවය. “අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි….

    Read More

    පාලන මිල ඉක්මවා සහල් විකිණු වෙළෙඳුන් 300කට අධික පිරිසකට නඩු

    සහල් පාලන මිල සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් මේ වන විට වෙළෙඳුන් 300කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 10 වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස හසුකරගත් බවයි. ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවත් ඔහු…

    Read More

    වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්

    රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.  එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය. නව සහල් මිල ප්‍රකාශයට පත් කර ඇති…

    Read More

    ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

    රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර නිෂ්පාදනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම යටතේ මෙම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුව අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත. එමෙන්ම…

    Read More

    දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් – ගැසට්ටුව එළියට

    දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය. දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර…

    Read More

    සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්

    සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති යූ.කේ සේමසිංහ මහතා සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය. “සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට…

    Read More

    ලුණු නිෂ්පාදය සියයට 40කින් පහළට?

    මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය…

    Read More

    සහල් මාෆියාව සිදුවෙන හැටි හෙළිවෙයි

    සහල් වර්ග 04කට ජනවාරි සිට දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතු බව ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක අරුණකාන්ත බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සහල් මාෆියාව සිදුවන ආකාරය විස්තර කළේය. “අවුරුදු දෙක තුනකට සැරයක් ප්‍රධාන සහල් මෝල් හිමියන් කීරි සම්බා මිල ඉහළ දානවා. කීරි සම්බා මිල ඉහළ දාපු ගමන්  ඊළඟ කන්නයේදී ගොවියෝ එ්ක වගා…

    Read More

    සහල් තොග සම්බන්ධයෙන් ජනපති තීරණයක් ගනියි

    නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.  මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්,  ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා  පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය. ජනාධිපති අනුර…

    Read More

    මේ වසරේදී පොල් අස්වැන්න අඩුවීමට හේතුව මෙන්න

    පොල්මිල මේ වන විට වෙළෙඳපොළ තුල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.  ඊට ආණ්ඩුවට පවා මැදිහත්වීමට සිදුව ඇත්තේ, පොල් හිඟය සහ අධික මිල හේතුවෙනි.  ඉතිහාසයේ සිට අප ආහාර රටාව හා බැඳුණු පොල් මෙතරම් මිල ගියේ කෙසේ ද ? මේ ඒ පිළිබඳව දෙරණ අප කළ විශේෂ සොයාබැලීමකි.  පොල්කිරි ශ්‍රී ලාංකේය ආහාර රටාව සමඟ බැඳුණු අත්‍යාවශ්‍ය දෙයකි. ඒ නිසාම සෑම නිවසකම…

    Read More