Headlines

    මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට

    දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය….

    Read More

    මගී බස් රථයක් සහ බහාලුම් රථයක එකිනෙක ගැටෙයි

    කොළඹ – වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. ඊයේ (23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරත් සමග කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය. 

    Read More

    තවත් බිහිසුණු බස් අනතුරක් – 14ක් රෝහලට

    අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. බස් රථයේ…

    Read More

    දක්ෂිණ අධිවේගයේ සංචාරකයන් රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී රුසියානු සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් බස් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථයේ ගමන්කළ තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. බස් රථය කළුතර සිට ඇල්ල බලා දක්ෂිණ අධිවේගි…

    Read More

    පස්සරදී බස් රථයක් අනතුරකට –  13 දෙනෙක් රෝහලට

    කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් ගසක ගැටී නතරවී ඇති බව අප වාර්තාකරු පවසයි. අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබේ. අද (11)…

    Read More