Headlines

    රුපියල් මිලියන 200ක අම්බර් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අම්බර් කිලෝග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් රාගම ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. ගුවන් හමුදා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ‘දුර්ලභ තල්මස් වමනය’ ලෙසින් හඳුන්වනු ලබන මෙම අම්බර්ග්‍රිස් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ බව පොලීසිය පැවසීය.

    Read More

    මේ වසරේ පළමු මාස 9 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 3,000ක්

    ‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ. ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය. එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක්…

    Read More

    ව්‍යාජ රට රැකියා ජාවාරමක්

    ‍ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට මුදල් ගෙවන ලෙස ලබාදෙන ඇමතුම්වලට සිය කාර්යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමීණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, මුදල් ගෙවා ඇති ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් කිසිවෙකු යළිත් මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවය. යම් පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් රුපියල් 14,700ක මුදලක් ගෙවන…

    Read More

    ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක්

    ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවට දුරකථන ඇමතුම් ලැබී ඇති…

    Read More

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නමින් සැකසූ ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ තොරතුරු

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි. ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බව එම සමාගම නිවේදනය කළේ ය. විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර…

    Read More

    ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර හමුවෙයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට…

    Read More

    විදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

    විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපිට සුවිශේෂ තත්ත්වයක් මෙතෙනදී අත්දකින්නට ලැබුණා. ස්කෑමින් කෑම්ප්. මේවා කෑම්ප් විදිහට සකස්වෙලා තියෙන්නේ. මේක නව…

    Read More

    ලැප්ටොප් සහ ජංගම දුරකථන 437ක් සමග චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ  නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග…

    Read More

    අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

    අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පිරිස සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන…

    Read More

    බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ ඇරඹෙයි

    බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට අද (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා, “දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.  රනිල්…

    Read More