Headlines

    ඔන්ලයින් ඔස්සේ මුදල් වංචාකළ විදේශිකයින් පිරිසක් මන්නාරමේදී අත්අඩංගුවට

    අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේදී විදේශීය ජාතිකයින් 50කට වැඩි පිරිසක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී පිරිමි පුද්ගලයන් 44ක් සහ කාන්තාවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. එම පිරිස පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලය ක සිට ජාවාරම සිදුකර ඇති අතර අධිකරණ නියෝගයක්…

    Read More

    තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500ක් හසු වෙයි

    පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන…

    Read More

    අසංක අබේගුණසේකර අත්අඩංගුවට

    ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අද (21) උදෑසන අමෙරිකාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අසංක අබේගුණසේකර මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…

    Read More

    අලි සබ්රි රහීම් ට ඇප

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. එහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කර ඇත්තේ ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.  අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර…

    Read More

    පාතාලයට එරෙහිව ප්‍රදේශ කිහිපයක පෝස්ටර්

    පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලවා ඇති බව වාර්තා වේ. එවැනි පෝස්ටර් දෙමටගොඩ, මහරගම, නුගේගොඩ සහ මාතර ප්‍රදේශවල අලවා තිබූ බව වාර්තා විය.

    Read More

    හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රගේ නිවස කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

    හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු කොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇත. එහිදී සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු 5ක්, බ්‍රේස්ලට් 4ක්, මුදු 2ක් සහ මුදල් රුපියල්…

    Read More

    ඩුබායිවලදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් දෙදෙනෙක් මෙරටට

    ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. මෙලෙස රැගෙන විත් ඇත්තේ  කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා…

    Read More

    ඩයනා ට එරෙහිව CIDයෙන් චෝදනා පත්‍රයක්

    ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර…

    Read More

    ක්ලබ් වසන්ත එලොව යැවූ අභිරහසේ භාගයක් හෙළිවෙයි ?

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. පොලීසිය පවසන්නේ වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇතැයි විමර්ශන අනුව පෙනීයන බවය. ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි. එම අවස්ථාවේ එහි…

    Read More

    ක්ලබ් වසන්ත ඝාතනයේ හෙළි වන රහස්

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට…

    Read More