Headlines

    රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්

    රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. සිය ලාංඡනය යොදාගෙන…

    Read More

    රතු කැකුළුවලට සුදු කැකුළු මිශ්‍ර කිරීමේ ජාවාරමක්

    රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය. ඒ…

    Read More

    නිදන් හෑරීමට තැත් කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

    නිධන් හෑරීමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) පෙරවරුවේ කිලිනොච්චිය – තිරුනගර් ප්‍රදේශයේ දී නිධන් හෑරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  කිලිනොච්චිය හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිසියේ සහාය ද ඇතිව මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 සතුව තිබී නිදන් හෑරිමට යොදාගත් ස්කෑනර්…

    Read More

    නීති විරෝධීව ගෙන්වූ සිගරට් තොගයක් තොගයක් රේගු භාරයට

    නීති විරෝධීව ආනයනය කරන ලද සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකායට අනුයුක්ත නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදුකරන ලද විශේෂ පරීක්ෂා කිරීමකදි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20ක් තුළ සඟවා මෙම සිගරට් තොගය මෙරටට ආනයනය කර ඇත. එහිදී සිගරට් කූරු 420,000ක් මෙලෙස අදාළ බැරල් තොගය තුළ සඟවා මෙරටට ආනයනය කර තිබියදී…

    Read More

    යෝෂිත අත්අඩංගුවට ගත් හේතුව

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ. රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපතිවරයා විසින් පසුගිය…

    Read More

    විදෙස් රැකියා ජාවාරමේ නිරත 132ක් අත්අඩංගුවට

    විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීමේ සිදුවීම්වල වර්ධනයක් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසා සිටියේ, 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේදී වංචනිකයන්ට මුදල් ලබාදීමේ සිදුවීම්වල 27%ක වර්ධනයක් තිබෙන බවයි. 2023 වසරේදී විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීම් සම්බන්ධ පැමිණිලි 3675ක් ලැබී ඇති…

    Read More

    WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි

    කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන…

    Read More

    කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

    ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ආ දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) රාත්‍රියේ මොවුන් සිංගප්පූරුවේ බැංකොක් සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් පැමිණ තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වන බොරපොළ මහඔය ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 29ක් වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර කාන්තාව සතුව කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03යි…

    Read More

    දුම්රිය ඊ ටිකට් මාෆියාව ගැන CIDය පරීක්ෂණ අරඹයි

    දුම්රිය දෙපාර්තමේන්තුවේ Online මඟින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබෙන්නේ…

    Read More

    ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

    පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයකුද ඇතුළත් වේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන…

    Read More