Headlines

    බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට ජනපතිගෙන් උපදෙස්

    බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.  ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය…

    Read More

    විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැන පොලිස් විමර්ශන

    විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය. දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර,…

    Read More

    කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ. අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වේ. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව පෙරේදා (17) දින සිට අදාළ අත්හිටුවීම සිදුකිරීමට නියෝග කර…

    Read More

    මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, සිය කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සබැඳි නිර්මාණය කර ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මෙම මූල්‍ය ජාවාරම සිදුකෙරෙන…

    Read More

    පාලන මිල ඉක්මවා සහල් විකිණු වෙළෙඳුන් 300කට අධික පිරිසකට නඩු

    සහල් පාලන මිල සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් මේ වන විට වෙළෙඳුන් 300කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 10 වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස හසුකරගත් බවයි. ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවත් ඔහු…

    Read More

    රට රැකියා සිහින ‍පෙන් වූ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

    විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු හක්මණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු සම්බන්ධයෙන් හක්මන පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිලි 09 කට අදාළව ඊයේ (14) එම පුද්ගලයා අත්අඩංගුවගෙන තිබුණේ කින්නියා පොලිස් වසමේදීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු විසින් රුපියල් ලක්ෂ 43 කට අධික මුදලක්…

    Read More

    මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

    මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ  (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙකි. මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.  නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා…

    Read More

    බාර් ලයිසන් වැරදි ක්‍රමයට පිනට දීලා නැහැ – රනිල්ගෙන් නිවේදනයක්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බවත්, එමගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයා ඇති බවත් ඒ මහතාගේ කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත්කර ඇතැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්ය. එහි අවධාරණය කර…

    Read More

    හිටපු ජනපති රනිල් ට අපරාධ චෝදනාවක් – ඩලස් ජනපති අනුරට ලියයි

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත….

    Read More

    සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළු වෙයි – ජනපති රටින් පළායයි

    සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබේ. ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි. කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් මේ වනවිට ඩැමැස්කස් අගනුවරට ද…

    Read More