Headlines

    ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්

    මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි. දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය…

    Read More

    සහන පොලී යටතේ ණය දීමේ වැඩසටහනක් රජයෙන්

    විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි.  මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. විශේෂයෙන් මෙහිදී 7%,…

    Read More

    උද්ධමනයේ වැඩිවීමක්

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී…

    Read More

    අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක්

    අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේ සියයට 62.05ක් ලෙස පැවති නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයේ දී සියයට 42ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව, මාසය තුළදී නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උපදර්ශක පහළ වැටීමෙහි ප්‍රතිඵලයක් ලෙස…

    Read More

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

    ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන්…

    Read More

    රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ ස්ථාවරය

    මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව කියා…

    Read More

    බිලියන 35ක් රටට අහිමි කළ පාවහන් ජාවාරම

    විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ. නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය. විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි. දේශීයව නිපදවන පාවහන්…

    Read More

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

    මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය පැවසීය. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන…

    Read More

    මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ…

    Read More

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා…

    Read More