IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී. මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී…

Read More

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට වසර 10යි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට (27) වසර 10 කි. 2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50%ක් පමණ විය. කෙසේවෙතත්…

Read More

මහ බැංකුවෙන් දැඩි අවවාදයක්

මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ…

Read More

ඩිජිටල් බද්ද ගැන හරියටම දැනගන්න

ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන්…

Read More

අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ලබා දිය නොහැකි බව ව්‍යාපාරිකයින් කියයි

අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි. එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවය. “අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙලක්….

Read More

අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර

රජය විසින් ගෙන එන ලද අයවැයේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය හා විදේශීය ණය මුදල්වලින් සපුරා ගැනීමට බළාපොරොත්තු වන බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සරත් කුමාර මහතා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවට විශ්වාස කළ හැකි අයවැයක් මෙවර රජය විසින් ඉදිරිපත් කළ බවය. “2025 වසරේදී ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,990ක්. බදු…

Read More

අයවැය විවාදය ඇරඹෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. පසුගිය ජනවාරි මස 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය.  අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) දිනයේ දී…

Read More

සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වැඩි වාසි

2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.  ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි. තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා…

Read More

රජයේ ඉඩම් ගැන අයවැයෙන් තීරණයක්

නැගී එන ආයෝජක වර්ධනයට ගැලපෙන පරිදි ආර්ථික සංශෝධන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය විසින් භාවිත නොකළ රජය සතු ඉඩම් බදු දෙන බවය.  නිසරු බවට පත්වු ඉඩම් රැසක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

Read More

රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ 2 හමාරට දක්වා අඩුකරන බව ද…

Read More