Headlines

    බැංකුවත් ව්‍යවසායකයාත් ආරක්ෂා වනපරිදි සමස්ත ක්‍රියාවලිය සිදුකළ යුතුයි – ජනපති

    රට ගොඩනැගීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමග විශේෂ බැඳීමක් නොමැති බැවින් ගතයුතු සෑම තීන්දුවක්ම නොපැකිළිව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම…

    Read More

    සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ – ජනපති

    සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

    Read More

    උද්ධමනය ඍණ වෙයි

    ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී  0.5%ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම,…

    Read More

    ආදායම් බදු ගෙවීම ගැන විශේෂ දැනුම්දීමක්

    ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව…

    Read More

    ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක බදු වැඩි කෙරේ

    ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට පියවර ගෙන ඇත. ඔක්තෝබර් 14 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාවට අදාළව මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක ය.    ඒ අනුව සම්පූර්ණ සහ…

    Read More

    ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද…

    Read More

    කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්

    කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය දැක්වූයේ 12,053.49ක් ලෙසය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

    Read More

    IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව දිවයිනට පැමිණෙන මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඔක්තෝබර් 04 වෙනිදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ ආර්ථික විශේෂඥයින් හමුවීමට නියමිතව තිබේ. එහිදී ඔවුන් මෙරට නව ආර්ථික…

    Read More

    කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

    කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දිනයේ ඒකක 137.86 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,992.91 ක් ලෙස සටහන් වුණි. දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5ක් වශයෙනි.

    Read More

    IMF කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන කැබිනට් ප්‍රකාශක කළ හෙළිදරව්ව

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළපෙළේ දූත කණ්ඩායමක් හෙට (02) දිවයිනට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායම ඔක්තෝබර් 04 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.  ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත ය.  එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය…

    Read More