Headlines

    ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි

    ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව සමුපකාර දින සැමරුම් පා ගමන්, මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ…

    Read More

    හෙට පාසල් පැවැත්වීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය.

    Read More

    උසස් පෙළ සමතුන්ට පොලි රහිත ණය

    2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන උසස් පෙළ සමත් සිසුන් සඳහා වන මෙම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක කෙරෙන අතර මේ…

    Read More

    උපකාරක පන්ති නියාමනය කළ යුතු බවට ප්‍රකාශයක්

    ලංකවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඔහු පවසන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියටන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවය. “අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින්ව උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත්…

    Read More

    ගුරු – විදුහල්පතිවරු ලෙඩ වෙති

    ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවය. අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා…

    Read More

    පාසල් කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඒ අනුව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා…

    Read More

    පාසල් අනධ්‍යයන සේවකයින් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි

    අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24)  සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඔවුන් පැවසීය. මේ අතර තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය…

    Read More

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන ආ කැබිනට් යෝජනාව

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන පරිදි පසුගිය වසරවල ලද අත්දැකීම් පදනම් කරගෙන එම සංශෝධන කිරීමට නියමිතය. එකී සංශෝධිත අනුව 2025 වසර සඳහා සහ ඉන් ඉදිරියට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු…

    Read More

    සරසවි ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට සිට

    2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    Read More

    ගුරු-විදුහල්පතිවරුන් හෙට උද්ඝෝෂණයක

    හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඒ අනුව හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය  ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ…

    Read More