
සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත්…