Headlines

    CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ පළමු ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට

    අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය 19 වනදා එය සිදුකළ බව සඳහන් වේ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා මෙම ග්‍රිඩ් උපපොළ ඉදිකර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2,300 ක මුදලක්…

    Read More

    ජලාශ පිරී ඇති අවස්ථාවක පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා

    ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි. එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, මෙවැනි කටයුතු සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලීමක් කලයුතු බවය. “පසුගිය කාලයේ අපිට හොඳටම වර්ෂාව ලැබුණා. අපේ…

    Read More

    මාසික ගෑස් මිල සංශෝධනය හෙට

    මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය. මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක්…

    Read More

    විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නවතී

    ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය. ඒ අනුව සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම, පාරිභෝගික තෘප්තිමත්භාවට ඉහළ අගයක…

    Read More

    වරායේ සිට කොලොන්නාවට ඉන්ධන රැගෙන එන නළයක කාන්දුවක්

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවේ ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන් මේ වනවිට ස්ථාන කිහිපයකින් ඉන්ධන කාන්දු වෙමින් තිබේ. කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන නළයකට මෙලෙස හානි සිදුවී ඇති අතර එය JET A1 නමැති ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රවාහනය කරන නළ මාර්ගයකි. කොලොන්නාව නිමාවේ නිලධාරීන් සිදුකළ ස්ථානීය…

    Read More

    විදුලි ගාස්තුව ගැන ජනපතිගෙන් ඉඟියක්

    ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊෙය් (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3…

    Read More

    ආගමික සිද්ධස්ථානවල සූර්යය පැනල ස්ථාපිත කිරීම ඇරඹේ

     දිවයින පුරා විහිදුණු  සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5 ක  ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබේ. ඒ ඩොලර් මිලියන 17 ක ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේයි.  දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යන සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කරමින්  සූර්යය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එහි පළමු…

    Read More

    තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන ලංවිමෙන් පැහැදිලි කිරීමක්

    ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිජතෙල් ඉන්ධන වර්ග තුනක් භාවිතා කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ. – උපුටාගැනීම – …

    Read More

    මැදපෙරදිග යුද්ධය සමග වෙනස් වෙන තෙල් මිල – රජයෙන් විශේෂ තීරණයක්

    මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශ සිදුකරන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු…

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි

    මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ,ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවය. මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු…

    Read More