
ලිට්‍රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්
ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.
ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී තිබුණි. පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිල විය. විශේෂයෙන්ම මැද පෙරදිග…
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේය….