featureNews
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක්
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 වසරේ පීලිපැනීම් 139ක් සිදුව ඇති බවය. එමෙන්ම 2022 වසරේ වාර්තා වී ඇති දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 132ක්. 2021 සහ 2020 වන වර්ෂවලදී දුම්රිය පීලිපැනීම් 115ක් සහ 98ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර අඛණ්ඩව…
E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ – විදේශ සේවා කාර්යාංශය
E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මෙම වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දැක්වූ කෝශල…
විදුලි ගාස්තුව ගැන ජනපතිගෙන් ඉඟියක්
ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊෙය් (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3…
හිස්බුල්ලා කණ්ඩායමට නව නායකයෙක්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකත්වය සඳහා ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් ව පත්කරගත් බව එම සංවිධානය නිවේදනය කළේය. ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් මීට මාසයකට පමණ පෙර මියගියේය. දකුණු බේරූට් හි නස්රල්ලා නැවතී සිටි ගොඩනැගිල්ලකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. කාසීම්, හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස…
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය. හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර්…
WhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩ ගැන ප්‍රවේසමෙන්
වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත සහ මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවද ඔවුන් සඳහන් කරයි. ඒ…
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක බවය. පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡා පැවැත්වෙයි.
මුදල් අච්චු ගැසුවා ද ? – මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවය. අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ, මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය…
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන ජනතාවට දැනුම් දීමක්
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවය. එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන…
සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත්…