Headlines

    කේබල් කාර් ව්‍යාපෘතියට බාධා කිරීම් වළක්වාලමින් පැනවූ අතුරු තහනම දීර්ඝ කරයි

    අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (29) නියම කළේය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්…

    Read More

    ආරුගම්බේ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් බාරදෙයි 

    ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත්…

    Read More

    කොළඹ කොටස් වෙළෙඳපොළ තැබූ වාර්තාව

    කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණි. 2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වෙයි. මේ අතර අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා…

    Read More

    බැංකුවත් ව්‍යවසායකයාත් ආරක්ෂා වනපරිදි සමස්ත ක්‍රියාවලිය සිදුකළ යුතුයි – ජනපති

    රට ගොඩනැගීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමග විශේෂ බැඳීමක් නොමැති බැවින් ගතයුතු සෑම තීන්දුවක්ම නොපැකිළිව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම…

    Read More

    ආගමික සිද්ධස්ථානවල සූර්යය පැනල ස්ථාපිත කිරීම ඇරඹේ

     දිවයින පුරා විහිදුණු  සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5 ක  ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබේ. ඒ ඩොලර් මිලියන 17 ක ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේයි.  දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යන සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කරමින්  සූර්යය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එහි පළමු…

    Read More

    වීසා නැතුව හිටපු රුසියන් ජාතික යුවළක් මාට්ටු

    ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙටර රැඳි සිටි රුසියන් ජාතික යුවළක් මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) සවස් කාලයේදී මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී එම යුවළ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන රුසියන් ජාතිකයන් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත්…

    Read More

    රන්ජන්ගේ සමුළුවට පැමිණි පිරිසට මුදල් නොගෙවූ බවට චෝදනා

    රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට ඊයේ (27) නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි. ඒ, සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවට චෝදනා කරමිනි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ‘අද දෙරණ’ විමසීමක් සිදු කරනු ලැබීය….

    Read More

    ලංකාවට ආ අප්‍රිකානු සුකර උණ

    බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය. පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක…

    Read More

    ෂන්ටෝ නායකත්වය අත්හැරීමට සැරසෙයි

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂන්ටෝ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.  පසුගිය වසරේදී නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ ෂන්ටෝ, පසුව එරට එක්දින හා විස්සයි20 කණ්ඩායමේද නායකයා ලෙසින් පත්කළේය. කෙසේ නමුත් නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු නොවුණි. ඒ හේතුවෙන් ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී…

    Read More

    වත්මන් ජනපති සහ තමන් අතර වෙනස සසඳන රනිල්

    තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට අද (27) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ.  පලපුරුදු අය…

    Read More