Headlines

    ආඝාත රෝගීන්ගේ වැඩිවීමක්

    වර්තාමානය වන විට ආඝාත රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කළේ, මේ වන විට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාතය වැළදීමේ ප්‍රවණතාවක් පවතින බවය.  ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන…

    Read More

    ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධ කෙරේ

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවය.

    Read More

    ඊශ්‍රායල ජාතිකයින් ට ප්‍රහාර එල්ලකිරීමේ සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

    මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි.         …

    Read More

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

    Read More

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් දැනුම්දීමක්

    එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවයි. සියලුම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි. එසේම ආරක්ෂක අමාත්‍යංශය ද…

    Read More

    යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න සූදානම් – ගෝඨාභය දැනුම්දෙයි

    2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ  සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම…

    Read More

    ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

    ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ…

    Read More

    සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

    ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, අද (23) සිට නොවැම්බර් මස 14 වනිදා දක්වා නිවාඩු අවංගු කිරීම සිදුකර ඇති බවය. කෙසේ වෙතත් කිසියම් අසනීප තත්ත්වයක් හෝ අත්‍යාවශ්‍ය කටයුතක් සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්‍ය නම් පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත…

    Read More

    අනුරාධපුරයේ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්

    ඒඩ්ස් රෝගය වැලඳුනු පුද්ගලයින්ගේ වර්ධනයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පෙන්නුම් කරන බව ලිංගාශ්‍රිත රෝග සහ HIV මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා  පවසයි. ඔහු පැවසුවේ, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා, “අපිට ගිය වර්ෂයේ 21ක් වගේ තමා වාර්තා වුණේ….

    Read More

    පළාත් කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර…

    Read More