featureNews
ඊශ්‍රායල අගමැතිගෙන් හිස්බුල්ලා සංවිධානයට රතු එළි
හිස්බුල්ලා සංවිධානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තමන් සහ බිරිඳ ඝාතනය කිරීමට තැත් කිරීම, බරපතල වරදක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. සිය රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සතුරු බලවේගවලට එරෙහිව සිදු කරන යුද්ධය ක්‍රියාත්මක බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ය. ටෙල් අවිව් නුවර සෙසරියා ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නමින් සැකසූ ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ තොරතුරු
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි. ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බව එම සමාගම නිවේදනය කළේ ය. විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර…
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ලබන සතියේ පොලීසියට
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා, ලබන සතියේ පොලීසියට භාරදෙන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි. එම වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම දී තිබූ කාලය, පසුගිය 13 වැනිදායින් අවසන් වුණි. ඒ අනුව අදාළ වාර්තා දී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව, 35 කි. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් ආදායම් වියදම්…
ගම්මන්පිල ගෙන් යළිත් අභියෝගයක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා…
කාසියේ වාසිය කොදෙව්වන්ට
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (20) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරගය තව සුළු මොහොතකින් පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙරට අතර මේ වනවිට එක්දින තරගාවලි 9ක්…
ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර හමුවෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට…
බ්‍රික්ස් සමුළුවට පෙර රැස්වූ විද්වතුන්
ලබන 22වැනිදා ආරම්භ වීමට නියමිත 2024 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිංහිදී පසුගියදා පැවැත්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් සංවිධාන කෙරුණු එම සංවාදයේ තේමාව වූයේ, “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” යන්නයි. බ්‍රික්ස් හෙවත්…
කාන්තා ලෝක කුසලාන විස්සයි20 අවසන් තරගය අද
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) පැවැත්වීමට නියමිතව තිබේ. නවසිලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන එම තරගය ඩුබායි හිදී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය. අද පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික විනිසුරුවරියක් වන…
HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරුණු පැහැදිලි කිරීමක්
ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා තිබේ. අදාළ ශිෂ්‍යාවන් පස් දෙනාට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබඳව අනිසි කැලඹීමක් ඇතිකර ගැනීම සුදුසු නොවන බව නිවේදනයක් නිකුත් කරමින්…
තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන ලංවිමෙන් පැහැදිලි කිරීමක්
ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිජතෙල් ඉන්ධන වර්ග තුනක් භාවිතා කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ. – උපුටාගැනීම – …