featureNews
විදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපිට සුවිශේෂ තත්ත්වයක් මෙතෙනදී අත්දකින්නට ලැබුණා. ස්කෑමින් කෑම්ප්. මේවා කෑම්ප් විදිහට සකස්වෙලා තියෙන්නේ. මේක නව…
ගංවතුර බැස යාමත් සමඟ රෝග පැතිරීමේ අවදානමක්
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවය. “ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්,…
දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව මහින්ද කියයි
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය. ප්රශ්නය – කොහොමද මැතිවරණ සුදානම ? “බොහෝම සුදානම්.” ප්රශ්නය – පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මොනවගේ ද? “ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා.” ප්රශ්නය – ඔබතුමා විශ්‍රාම ගැනීමක් ද ? තාවකාලික සමුගැනීමක් ද? “තාවකාලික… දේශපාලඥයෙක් විශ්‍රාම…
කාලගුණයේ වෙනසක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු…
මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවය. මහ…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (15) දින සවස 04:00 ට නිකුත් කරන ලද එම නිවේදනය අනුව දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
මැදපෙරදිග යුද්ධය සමග වෙනස් වෙන තෙල් මිල – රජයෙන් විශේෂ තීරණයක්
මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශ සිදුකරන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු…
ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීම
පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි. රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස…
කාර්මික නිෂ්පාදනවල වර්ධනයක්
කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බවය. එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව…
දුම්රිය ප්‍රමාදයක් – මගීන්ට දැනුම්දීමක්
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (15) පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවය. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්ය. ඒ අනුව…