featureNews
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද…
අර්තාපල් සහ ලූනු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කරයි
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද, රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූනු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද…
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ…
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පිරිස සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන…
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක තරගයක් අද
මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව තිබේ. B කාණ්ඩායේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය සාජා හි පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. ඒ පාකිස්තාන…
ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කලේ මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වර්තා වී ඇති බවය. දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බවද ඔහු…
මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප තැන්පත් කරයි
මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවය. මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත. කෙසේ නමුත්…
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ විය. මැතිවරණ කොට්ඨාස විසි දෙකට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ඇරඹිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 196 දෙනෙකු මැතිවරණ දිස්ත්‍රික්ක 22 තෝරා පත්කර ගැනෙයි. සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනු ලබනනේ, එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය සලිත වෙයි
ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රායලය දකුණු බීරුට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල – හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භයෙන් පසුව ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පිරිස දෙදහසකට ආසන්න බවය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති අස්ථාවරත්වය තවත් තීව්‍ර කරමින් ඊයේ (03) රාත්‍රියේත් ඊශ්‍රායලය,…
කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය දැක්වූයේ 12,053.49ක් ලෙසය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.