Headlines

    නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

    නවසීලන්තයට අයත් දූපතක් ආසන්නයේ ප්‍රබල භූකම්පයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබේ. කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

    Read More

    දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවෙන්ම යෝජනාවක්

    බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව අදාළ යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

    Read More

    ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

    පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතනයන් සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම හෙට (26) දින මධ්‍යහ්න 12.00න් අවසන් බවය. ඒ අනුව අද (24) සිට එළැඹෙන 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන්…

    Read More

    ඡන්ද කාලේ වෙන සංවර්ධන වැඩ ගැන මැතිවරණ කොමිසමෙන් රජයට දැනුම්දීමක්

    මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබේ. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුය.  මැතිවරණ කොමිසම පැවසුවේ දැනුම්දෙනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කොමිසම විසින් සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය. එමෙන්ම එම ව්‍යාපෘති…

    Read More

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක් එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවනු ඇති බව ජල සම්පාදන…

    Read More

    දේශබන්දුට තුන්වේලටම ගෙදරින් කෑම

    බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙන ඒම සඳහා අවසර ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවය. වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින…

    Read More

    මාස දෙකකින් සිපෙට්කෝ තෙල් බංග්ලාදේශයට

    ඉදිරි මාස දෙක තුළ ලිහිසිතෙල් අපනයනය කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා මේ වන විටත් බංග්ලාදේශයෙන් ඇණවුම් ඉදිරිපත් වී ඇති බවය.  ලංකා ඛනිජ තෙල් පොදුසේවක සංගමයේ උත්සවයක් අමතමින් ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව කියා සිටියේය. “මේ වෙනකොට අපේ ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම…

    Read More

    යුරෝපයට පනින්න මෙරට රැඳී සිටි බංගලියන් 10දෙනෙකු අත්අඩංගුවට

    යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත…

    Read More

    සෝලා විදුලි ඒකක සඳහා ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනෙට්ටුවට

    පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන්…

    Read More

    ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක

    ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට මෙලෙස සම්බාධක පනවා ඇති බව වාර්තා වේ. ඊට…

    Read More