Headlines

    නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් එයි

    එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබේ. මේ බව අද (04) පස්වරුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    Read More

    ජනපතිගේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය

    දුෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතර හමුව පෙරේදා (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.  ‍ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර…

    Read More

    ජනපතිගේ දූෂණ විරෝධී වැඩසටහන ඉන්දියාවේ ඇගයීමට

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව පවසා ඇත. ශ්‍රී…

    Read More

    අභිනව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි – දිලිත්

    අභිනව රජයට අවස්ථාව ලබාදිය යුතු බවත් තම පක්ෂය හොඳ විපක්ෂයක් වීමට සූදානම් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (02) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.  “හොඳ දේශපාලනය කරන පුද්ගලයෝ හැටියට අභිනව රජයට අවස්ථාව ලබාදෙන්න අපිට යුතුකමක් තිබෙනවා. අපි කියන්න ඕනේ… අපි හොඳ විපක්ෂයක් වෙන්නයි එන්නේ….

    Read More

    IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව දිවයිනට පැමිණෙන මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඔක්තෝබර් 04 වෙනිදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ ආර්ථික විශේෂඥයින් හමුවීමට නියමිතව තිබේ. එහිදී ඔවුන් මෙරට නව ආර්ථික…

    Read More

    බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ ඇරඹෙයි

    බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට අද (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා, “දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.  රනිල්…

    Read More

    කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

    කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දිනයේ ඒකක 137.86 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,992.91 ක් ලෙස සටහන් වුණි. දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5ක් වශයෙනි.

    Read More

    ධම්මික පෙරේරා හේලීස් සම සභාපති ලෙස පත්කෙරෙයි

    ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ. හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. ධම්මික පෙරේරා මහතාගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වෙයි. මීට පෙර…

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි

    මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ,ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවය. මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු…

    Read More

    බස් ගාස්තු සංශෝධනය කෙරේ

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය.  මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

    Read More