Headlines

    ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න තුනකට අදාළව නිදහස් ලකුණු පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවේ දරුවන් ගැන අවධානය යොමුකරමින් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව එම…

    Read More

    පාවා දීලා ගිය අයව පක්ෂයට ගන්නේ නැහැ – සාගර

    ජනාධිපතිවරණයේදී පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබානොදෙන බව එම පක්ෂය පවසයි.  එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (30) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.  “අපේ පක්ෂය පාවා දීපු කොටසක් ඉන්නවා. ඒ කොටසට දේශපාලන වශයෙන් පත්වෙලා තියෙන තත්ත්වය ගැන මම…

    Read More

    ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින්න

    නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.

    Read More

    ලෝක බැංකුවෙන් ජනපතිට සුබ පැතුම්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී…

    Read More

    ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

    මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවය. “ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල,…

    Read More

    නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරයි

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ.  නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවය.  ඒ අනුව…

    Read More

    කමිඳු ආසියානු වාර්තාවක් අලුත් කරයි

    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් විය. කමිඳු පන්දු 147කට මුහුණ දෙමින් සිය ශතකය සම්පූර්ණ කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. මේ අතර කමිඳු…

    Read More

    හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

    හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.  හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි…

    Read More

    ලාංකිකයින් දිනකට රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි

    පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය. මේ හේතුවෙන් නව…

    Read More

    ඉහළ යන යුද ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක්

    ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි  හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට…

    Read More