featureNews
ජනපතිගෙන් ලංකා වාණිජ මණ්ඩලය කළ ඉල්ලීම
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලංකා වාණිජ මණ්ඩලය ද සුභාශිංසන එක්කර තිබේ. මෙම සන්දර්භය තුළ සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සහ ලංකා වාණිජ මණ්ඩලයේ VISION 2030 ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව, ධුරකාලයේ පළමු මාස 6තුළ ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස එම මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. ඊට අනුව මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු…
ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ව පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රවී සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත. රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙකි. එසේම රාජ්‍ය…
නව ආරක්ෂක ලේකම්වරයා ව පත්කෙරේ
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පත් කර ඇත. 1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ තුයියකොන්තා මහතා, 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී. එමෙන්ම 1990 වසරේ හෙතෙම බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා…
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරන බවට නව ජනපතිගෙන් ප්‍රතිඥාවක්
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කිරීම සඳහා උපරිමයෙන් කැපවී කටයුතු කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව පැවසීය. රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට කටයුතු කරන බව ද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. තමා විශ්වාස නොකළ ජනතාව තුළ විශ්වාසය ඇති වන…
ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට
නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් කුමානායක මහතා ජපානයේ National Graduate Institute for Policy Studies (GRIPS) වෙතින් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව (Public Economics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා…
නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ. 1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු…
ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා…
රටවල් රැසකින් නව ජනපති අනුර ට සුබ පැතුම්
මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඊයේ (22) රාත්‍රී මෙම හමුව සිදුවු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් එහිදී තේරි පත්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුභාශිංෂන පිරිනමා තිබේ. මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව…
විධායක ජනපති ලෙස තේරීපත් වූ අනුර කරන්න යන වෙනස
රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව ජනාධිපති…