featureNews
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි – රනිල් අනුරට කියයි
පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහාය දුන් නොදුන් සියලුමදෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව…
නව ජනපති අනුර
මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23) උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය. ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත්…
සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්
සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දෙයි
ආරක්ෂාව ගැන පොලීසියෙන් ප්‍රකාශයක්
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය. පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින්…
ඡන්දය සලකුණු කිරීමෙන් පසු නාමල් ජනතාව ගැන කියූ දේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, “ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අපි කරන්න බැරි ඒවා කියලා නැහැ,…
සජිත් ඡන්දය ප්‍රකාශ කළ අයුරු
සමගි ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන්, මිත්‍රශීලීත්වයෙන් සහ එකමුතුකමින් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය. “ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන්, මිත්‍රශීලිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණය කටයුතු ක්‍රියාත්මක කිරීම අප සැමගේම…
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද (21) පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සවස 4ට නිමාවට පත්විය. ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය. ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි. ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද…
දිලිත් ගේ විශ්වාසය
සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී අද (21) සිය ඡන්දය ප්‍රකාශ කළේය. “සතුටු දැයක්” නිර්මාණය කිරීම සඳහා 2024 ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා ජන වරම ඉල්ලා සිටියේය. ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, “ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව, තීරණාත්මක ජනාධිපතිවරණයක්…
රනිල් ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. “මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා.” මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම්…
මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය මෙන්න
අද (21) මධ්‍යහ්න 12 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි. කොළඹ – 20%ගම්පහ 25%කළුතර – 32%මහනුවර – 20%මාතලේ – 22%නුවරඑළිය – 30%ගාල්ල – 18%මාතර – 30%හම්බන්තොට – 25%යාපනය – 27%වන්නි – 30%මඩකලපුව – 17%දිගාමඩුල්ල – 30%ත්‍රිකුණාමලය – 30%කුරුණෑගල – 30%පුත්තලම – 23%අනුරාධපුර – 30%පොළොන්නරුව – 38%බදුල්ල – 21%මොනරාගල –…