featureNews
රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්….
ඡන්ද දායකයින් ගෙන් පොලීසිය කළ ඉල්ලීම
ඡන්ද දායකයින් සිය ඡන්ද භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් පිළිබඳව පොලීසිය විසින් දැනුම්වත් කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා, “තමන්ගේ ඡන්ද ප්‍රකාශ කරන්න එන විට පුරවැසියාටත් වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයකට සිහිබුද්ධියෙන් එන්නට. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා උදෑසන වන විටත් මත්පැන් පානයකරලා තමගේ ඡන්ද මධ්‍යස්ථානයට…
මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවය. එම පරීක්ෂණ අවසන් වූ වහා ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එම…
ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇති. ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට…
තාමත් මදි…දැන් වැටෙන්න බෑ -ජනපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අම්පාර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “හැමෝම බෑ කිව්ව වෙලාවේ අපි එකතු වෙලා රට වෙනස් කරා. අපිට මේක දරාගන්න බැරිවුණ නිසා දේශපාලන පක්ෂ පැත්තකට දාලා අපි එකතු…
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සියයට 97කින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවය. කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට (18) සිට මැතිවරණ දිනය…
සහනාධාර ක්‍රමය වෙනුවට දිලිත්ගේ හිතේ හයිය
මෙතෙක් මෙරට ජනතාවට හිමිවූ සහනාධාර ක්‍රමය වෙනුවට “හිතේ හයිය” ලෙසින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. මොනරාගල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය. “හැමදාම ඔබව රවට්ටාගෙන හිටපු සහනාධාර අටමඟලේ එකපාරක් ආවා ජනසවිය පියාණෝගේ. ඊට පස්සේ ආවා සමෘද්ධිය. ඊට පස්සේ ආවා…
ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි
ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකර තිබේ. ඒ ඊයේ (16) ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 විශේෂ වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, “නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරිදින දෙකේ…
නාමල්ගේ ඉලක්කය
තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය. “කොළඹ වරාය නගරය බොහෝ අය හිතුවේ ගොඩනැගිලි අහදන්න කියලා නෑ… ඒක ගනුදෙනු වලට කේන්ද්‍රකරගත් මධ්‍යස්ථානයක්. අපිට වුවමනාව තියන්නේ මොකක්ද ලෝකේ සමාගම් තමන්ගේ…
පොදුජන යුගයට ඔබේ වරම ලබාදෙන්න – සජිත්
මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජනරැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය. “මේ රටේ හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. මාතලේ දිස්ත්‍රික්කයටත් ජනාධිපති කාර්ය සාධක බලකාටයක් පිහිටුවලා මේ ආස…