featureNews
නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය යුගය 21න් පසු බිහිකරනවා – සජිත්
මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ ඊයේ (14) පැවති සෞඛ්‍ය සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “21 වනදායින් පස්සේ අපිම ප්‍රශ්න කරපු ප්‍රශ්නවලට උත්තර සපයන අවස්ථාව එළැඹෙනවා. සුපුරුදු රාමුවකට කොටුවෙලා රාජ්‍ය ආයෝජන, රාජ්‍ය අරමුදල්වලින් පමණක් අපට මේ රටේ සෞඛ්‍ය…
ආසියාවේ දියුණුම රට බවට පත්කරනවා – නාමල්
පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අහෝසි කිරීම සඳහා නීති සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ පැවති ආසන රැස්වීමකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා, “අද මේ පිල්මාරුව ගැන බොහෝ…
ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා – රනිල්
ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෑගල්ලේ ඊයේ (14) පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. “ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය සමයේ අස්වැසුම ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. පොහොර සහනාධාරය ලබා දුන්නා. විශ්‍රාම සහ වැඩිහිටි…
ශ්‍රී ලංකා – IMF එකඟතා වෙනස්කළ හැකිද ? IMF ප්‍රතිචාරය
ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් ඒ බව පැවසුවේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
නීතිවිරෝධීව රැගෙන ආ එන්නත් ඇතුළු ඖෂධ තොගයක් හසුවෙයි
පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධි ලෙස මෙරට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි. මොහු ගුවන් මගින් මෙලෙස ඖෂධ රැගෙනවිත් රටපුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ…
මම රට උදුර ගත්තේ නැහැ..භාර ගන්න කවුරුත් හිටියේ නැහැ – රනිල්
තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී ජන රැලි මාලාවේ කැස්බෑව ජන රැලිය අමතමිනි. “රට අර්බුදයක තිබූ අවස්ථාවේ එය භාරගෙන වෙනස් කිරීමට මට හැකි වුණා. මම ඒක…
නාමල් ට ඇති එකම අභියෝගය කියයි
මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි. අලි – මිනිස් ගැටුම අවසන් කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවද වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
අනුරගෙන් ධීවරයින්ට පොරොන්දුවක්
තම රජයක් යටතේ ධීවරයින්ට ඩීසල් සහනාධාරයක් ලබාදී ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි – සජිත්
රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට ගෙනආ එකම පක්ෂය තම පක්ෂය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බද්දේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.
ඡන්ද පෙට්ටි මාරු කළ හැකිද?
ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය. එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම,…