featureNews
රට ගොඩගත හැක්කේ දිලිත්ගේ සැලැස්මෙන් පමණයි – ගාමිණී වලේබොඩ
බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා පවසයි. සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඡන්දදායකයන්ගෙන් 35%ක් තවමත් ඡන්දය ලබාදිය යුතු අපේක්ෂකයා කවුරුන්ද කියා තීරණය කර නොමැති බවය. “ඡන්දදායකයන්ගෙන් 35%ක් කාටද…
පේරු හි හිටපු ජනාධිපති ෆුජිමෝරි මියයයි
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ. ඒ වනවිට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. ඔහු 1990 සිට 2000 දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. විශේෂයෙන්ම පේරු රාජ්‍යය තුළ මතුවෙමින් පැවති “ෂයිනින් පාත්” ගරිල්ලා සංවිධානය මර්ධනය…
සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවය. සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි. එමෙන්ම ජනවාරි…
නිල ඡන්ද පත්‍රිකා සියයට 77ක් බෙදා අවසන්
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවය. හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණි. 1. ජනසෙත පෙරමුණ 2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3. සමගි ජන…
ගැටුමක් නිසා ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය. ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් විස්තර නිකුත් කර නැත.
නීතිය ශක්තිමත් කරන බවට අනුරගෙන් සහතිකයක්
ආගම් හා සංස්කෘතීන් පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා ශක්තිමත් නීතීන් අවශ්‍යනම් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා පවසයි. මහනුවර, දිගන පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “ජාතික ජන බලවේගයේ අපි කිසිවිටෙක තමන් අදහන ආගම, තමන් කතාකරන භාෂාව, තමනගේ අනන්‍යතාවය සහ සංස්කෘතීන් අපේ ඡන්දෙ වේදිකාවට ගන්නේ…
පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප ඉහළට
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ. 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව…
තැපැල් ඡන්දය භාවිත කිරීමේ කාලය අදින් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබාදෙනු ලැබීය. ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි…
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දිවයිනට
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. එහිදී ඔවුන් පිළිගැනීම සදහා පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබෙන අයුරු දක්නට ලැබිණි. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 දින කාම්බෝජය සමග…