Headlines

    දෙවිනුවර ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි. ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

    Read More

    කොළඹ සමාජ ශාලාවේ ගැටුම සම්බන්ධව සැකකරුවන් හඳුනා ගනියි

    කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණි.  සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවත් පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ….

    Read More

    දිනෙන් දින මියයන පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි

    ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 50,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේනය කරයි. එමෙන්ම එහි අවසානයක් දක්නට නොමැති බවද සඳහන් කර ඇති බව විදෙස් මාධය පවසයි. 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල භූමියට පිවිස 1,200කට අධික පිරිසක් ඝාතනය කළ අතර, තවත් 251 දෙනෙක්…

    Read More

    දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට

    දකුණු කොරියාවේ තෙදිනක් පුරාවට ව්‍යාප්තව යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම සිදුවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. තවද එම ප්‍රදේශවලින් පුද්ගලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇතැයිද එරට ආපාදා බලධාරීන් පවසයි….

    Read More

    අතුරු සම්මත ගිණුමේ මුදල් තවදුරටත් වලංගු නෑ – මුදල් අමාත්‍යංශය

    මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (23) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402 ක අතුරු සම්මත ගිණුමක්…

    Read More

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙකු මරුට

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවය. මේ අතර ගාසා තීරය වෙත…

    Read More

    ගෙදරින් කෑම ගන්න දේශබන්දු කළ ඉල්ලීමට බන්ධනාගාරය දුන් පිළිතුර

    නිවසින් ආහාර ලබාගැනීමට දේශබන්දු තෙන්නකෝන් සිදුකළ ඉල්ලීම සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවසින් ආහාර ලබාදෙන ලෙස සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර…

    Read More

    පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර

    මසකටත් වැඩි කාලයක් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දී තිබේ. කෙසේ නමුත් උන් වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබා ඇති බව වාර්තා වෙයි. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පසුගිය පෙබරවාරි මස 14 වැනිදා හදිසියෝ රෝහල්ගත කෙරුණේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුකරගෙනය….

    Read More

    අයථා ලෙස ඉපැයූ දේපොළ පවරා ගැනීමේ නීති ඇතුළත් නව පනතක්

    පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ  නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි. එළැඹෙන අප්‍රේල් මස 8 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පවසයි. එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය…

    Read More

    ෆේස්බුක් සාදයක් වටලයි

    ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15  දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය,…

    Read More