featureNews
මැතිවරණ නීති කැඩු 22ක් අත්අඩංගුවට
ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා පැවසුවේ එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවය. “මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා…
මහින්ද යුගය සිහිකළ නාමල්
රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවය. වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. “අද බොහෝ අය…
රනිල්ට සහ අනුරට සජිත්ගෙන් පිළිතුරු
කිසිදු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු වන අතර එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටින බව ඔහු පෙන්වාදෙයි. ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේ පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරක රැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම…
කෘෂි විප්ලවයකට මුලපුරන ජනපති
මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එමඟින් විදේශ විනිමය ද රටට ගෙන ඒමට හැකිවනු ඇති බවය. යාපහුව ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. “අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරුත් හිතුවේ නෑ ලංකාවේ මෙහෙම ඡන්දයක් තියන්න පුළුවන් වෙයි කියලා. ඡන්දයක්…
වෙනස දෙස වෙනස්ව බලන්නැයි දිලිත්ගෙන් ඉල්ලීමක්
රටේ ජනතාව සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති එකම පක්ෂය සර්වජන බලය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති සියලු පක්ෂ සිය පැරණි ප්‍රතිපත්ති යළි වරක් ජනගත කිරීමට උත්සාහ දරමින් සිටින බවය. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලයේ ජනධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත්…
මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්
රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී…
රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතුකළ රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2025 වසර සඳහා ක්‍රීඩක වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතය. එහිදී රඳවා ගතයුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඩ්‍රාවිඩ්, රෝයල්ස් හිමිකරුවන් සමග සාකච්ඡා කළ බව සඳහන් ය. රෝයල්ස් කණ්ඩායම සමග ඩ්‍රාවිඩ් ට අතීතයේ ද සම්බන්ධතා…
උපායමාර්ගික සැලසුම ගැන දිලිත් පැහැදිලි කරයි
තමා හැර සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඔවුන් වටා සිටින දේශපාලන කණ්ඩායම් හේතුවෙන් ඔවුන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ගාල්ලේ පැවති සුහද හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා, “මම නියෝජනය කරන්නේ සංකල්ප මත පදනම් වූ උපායමාර්ගික වැඩපිළිවෙලක්…
රෙජිස්ට්‍රාර් ජනරාල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛන සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල්දැමීම තුළින් එම මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. රජයේ…
ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවෙයි
ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය.