featureNews
කතරගම දේවාලයේ පුද පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ එහි ඉදිකිරීම් නිම කර ඇත. මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 160කි. එසේම…
ගොවියා වෙනුවෙන් නාමල් ඉදිරියට
ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කලවාන ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. “අපේ ප්‍රතිපත්ති තියෙන්නේ මේ රටේ ගොවියා ශක්තිමත් කරන්නත්, ධීවරයා ශක්තිමත් කරන්නත්, ව්‍යවසායකයා ශක්තිමත් කරන්නත් මිසක් වෙන ව්‍යාපාරිකයෝ…
සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්
ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
සැබෑ නායකත්වය ගැන කියන සජිත්
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය ද දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ගණනය කළ යුතු බවය. අනුරාධපුර නගරයේ පැවති ව්‍යාපාරික සහ විද්වත් හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේය. “ආර්ථික…
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට තීරණයක්?
රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර තිබේ. අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා සිටියේ, එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රජයේ…
සමාජ මාධ්‍ය නිසා දේශපාලකයාට සිදුවු දේ අනුර කියයි
රටට යහපත් දේශපාලනයක අවශ්‍යතාව පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවය. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. “අපේ රටේ දේශපාලනය ගැනයි, දේශපාලකයෝ ගැනයි ජනතාවට තියෙන්නේ අප්‍රසන්න බවක් වගේම පිළිකුලක්….
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට…
158 වන පොලිස් සංවත්සරය අදයි
රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. එසේම දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් ද පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දිලිත්ගෙන් වතු ජනතා වැටුපට සැලැස්මක්
වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (02) සිදුකෙරුණි. ඒ , එම පක්ෂයේ නායක සහ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස්…
රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ කිසි විටෙකත් අත්නොහරින බවය. වෘත්තීය සංසදය සඳහා පැවති “ආස්ක් මී – එනිතින්ග්” විශේෂ වැඩසටහනේ දී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහාතා මෙම අදහස් පළකර තිබේ….