featureNews
දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා – ජනපති
ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද තමාගෙන් උදුරාගැනීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය මේ වනවිටත් අසාර්ථක වී ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය ට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය. “අපි හොඳයි, නරකයි දෙකම භාරගන්නවා. සමහරු වගේ අපිට අතීතය අමතක වෙන්නේ නැහැ . අපි එකතු නොවුණානම් මොකක්ද…
වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිමය වරදක්ද?
වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද හෙතෙම…
පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අනතුරුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.
සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්
පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය. මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින් දුලාන් F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) ද බිඳ දැමීය.
බස් ගාස්තුව ගැන ගත් තීරණය
ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත් ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවය. පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද, සුපර්…
ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක්
ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි. පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් ව හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණි….
ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ. එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ…
ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා…
ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ
මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමේ අරමුණින් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මෙම රුසියානුවෝ නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී සිටියදී ඉකුත් 28 වනදා වනජිවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව ඔවුන් අද (02)…
රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශය
සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.