Headlines

    රියදුරු බලපත් අවලංගු කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසන්නේ එවැනි රියදුරු බලපත් අවලංගු කිරීමක් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ…

    Read More

    ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

    ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවය.

    Read More

    රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ වීසා පහසුකම යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාව

    නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. වැඩි විස්තර පහතින් දැක්වෙයි.

    Read More

    හෙට සිට ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක්

    ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර හෙට (22) සිට ක්‍රියාත්මක ය.

    Read More

    පනත් කෙටුම්පත් 02ක් සලකාබැලීමට කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කරයි

    “පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර තිබේ. කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට මේ බව දැනුම්දී ඇත. “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 08 දෙනෙකු අතිරේක…

    Read More

    උද්ධමනය සුළු වශයෙන් ඉහළට

    ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  2024 ජුනි මාසයේදී එය සටහන් වූයේ 2.4%ක් ලෙසය.  2024 ජුනි මාසයේදී 1.9%ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.9% දක්වා ඉහළ ගොස් තිබේ.  ආහාර නොවන කාණ්ඩයේ…

    Read More

    ට්‍රම්ප් පිටුපස ඉරානය – බුද්ධි අංශ තහවුරු කරයි

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබේ. FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බව අදාළ වාර්තාවේ…

    Read More

    ගෑස් සිලින්ඩරය ඡන්ද ලකුණ කරගත් හේතුව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

    නිසි ආර්ථික පරිවර්තනකින් තොරව ‍රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ජනතාව තම අනාගතය ගැන සිතා මෙවර ජනාධිපතිවරණයේ දී තින්දුවක් ගත යුතුව ඇති බවය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ “AskRanil” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස්…

    Read More

    මන්කිපොක්ස් ආසාදිත මරණ 500 ඉක්මවයි

    වඳුරු උණ හෙවත් ‘මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී තත්ත්වය පුද්ගලයින් 16,000ක් පමණ මේ වන විට ගොඳුරු වී ඇති බව වාර්තා වේ. ‘මන්කිපොක්ස්’ වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත්කරනු…

    Read More

    ජනපති අපේක්ෂක විවාදයේ ඇරයුම දිලිත් පිළිගනී

    මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී තිබේ. එම ලිපියේ සඳහන් වන්නේ, ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින්…

    Read More