featureNews
පැරිස් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ අමෙරිකාවට
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් ව තිබේ. ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබා ගනිමින්. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ චීනය රැදී සිටින අතර ඔවුන් රන් පදක්කම් 25ක් ලබා ගෙන ඇත. තුන්වන ස්ථානය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඔවුන් මේ දක්වා පැවති තරග…
දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන බව නිවේදනය කරයි. යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කර ඇත. ජනාධිපතිවරණය සඳහා දෙමළ පාර්ශ්වයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය සහ දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණි….
අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්
වර්ථමානය වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250ක හිඟයක් පැවති බවය. නමුත් වර්ථමානය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක…
සමගි ජන සන්ධානය එළිදකී
ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීම අද (08) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදුකෙරුණි. මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මෙරට මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුකමින් කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ…
විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි
විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊයේ දිනයේ අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේ…
ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවය. කෙසේවෙතත් සිය…
ජනාධිපතිවරණයේ ප්‍රබලයා
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ප්‍රබලම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, සිය පක්ෂය අතහැර ගිය සෙසු සාමාජිකයින් ඉදිරියේ දී යළි පක්ෂය සමග එක්වනු ඇති බවය. තරුණ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඩි.වී.චානක…
රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවය. සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා…
රංජන් මඩුගල්ලේ පසුකළ ඓතිහාසික කඩයිම
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තරග තීරකවරයා ලෙසින් සැලකෙන රන්ජන් මඩුගල්ලේ මහතා සමත් විය. ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ තරග…
අරගලයේ නායකයින්ට පොහොට්ටුවෙන් ආරාධනයක්
එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (07) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. සියලු දෙනා අපේක්ෂා කළ තරුණ නායකයෙකු ඉදිරියේ දී රටට නායකත්වය දීමට සුදානම් බව මන්ත්‍රීවරයා කීය. “අරගලය…