featureNews
කොළඹ මහනගර සභාවට පොලු තැබූ සමාගම
කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව වාර්තා වෙයි. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් එම කොන්ත්‍රරාත්තුව අත්හිටුවා මේ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු හේතුවෙන්…
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ජාත්‍යන්තර සම්මානයක්
ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබයි. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලී හීදි පැවැත්වුණි.
ශීත යුද්ධයෙන් පසුව විශාලතම සිරකරු හුවමාරුව
රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ. එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය වාර්තා අතරට එක්ව ඇත්තේ, ශීත යුද්ධයෙන් පසුව රුසියාව සහ බටහිර රටවල් අතර සිදුවූ විශාලතම සිරකරුවන් හුවමාරුව ලෙසය. තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළේදී සිදුවූ සිරකරු හුවමාරුවේදී රුසියාව සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර තිබුණි. ඒ අතරට…
උතුරේ ජල ගැටලුවට යාපනයට ගංගාවක්
ර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදීම සඳහා “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු…
e-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වා ලබමින් අතුරු තහනම් නියෝගයක්
විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත්…
ලෙබනනයේ සංචාරය නොකරන්න – අලි සබ්රි
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇත. එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.
ආසියානු ශූරියෝ අයර්ලන්තයේ සංචාරයකට සැරසේ
එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතව ඇත. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වෙයි. ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 – 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක්…
අපි පානය කරන ජලය ගැන හෙළිදරව්වක්
මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්වී පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයේදී මේ පිළිබඳ කරුණු හෙළිවී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන…
මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන දැනුම්දීමක්
ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය.
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.