featureNews
ඉන්ධන මිල වෙනස් නොවෙයි
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
මැද පෙරදිග යුද බිය පැතිරෙයි
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි….
විජයදාසත් ඇප තියයි
ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවය.
ජෝ රූට් අංක එක වෙයි
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනූව පළමු ස්ථානයට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ රූට් පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 872ක් ලබා ගනිමිනි. දෙවැනි ස්ථානයේ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් පසුවෙයි. ඒ ලකුණු 859ක් සමගිනි.
තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම ගැන දැනුම්දීමක්
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසය. විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ…
කොළඹ උද්ධමනය ඉහළ යයි
2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත. එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණි. 2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික…
ප්‍රසන්න මහින්දට ලියයි
එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබේ. එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවය. එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා…
ඔන්ලයින් ඔස්සේ මුදල් වංචාකළ විදේශිකයින් පිරිසක් මන්නාරමේදී අත්අඩංගුවට
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේදී විදේශීය ජාතිකයින් 50කට වැඩි පිරිසක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී පිරිමි පුද්ගලයන් 44ක් සහ කාන්තාවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. එම පිරිස පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලය ක සිට ජාවාරම සිදුකර ඇති අතර අධිකරණ නියෝගයක්…
මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනම ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ. අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට…
යළි අරගලයකට ඉඩක් නෑ -ආරක්ෂක ලේකම්
යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ප්‍රශ්නය – ලංකාවේ යම් පිරිස් කියලා තියෙනවා ඔවුන් අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල ලැබුණේ නැත්නම් ලංකාවේ සමහරවිට දෙවැනි අරගලයක් වෙන්න පුළුවන් කියන…