featureNews
සජිත් ඇප තියයි
සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
කොළඹ රථ වාහන ගාල් කිරීම ගැන තීරණයක්
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවය. “කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දැනට පවතින මාර්ගවල කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන…
රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92කගේ සහාය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදිය. නැවත දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැගිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක්…
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දෙරට අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 2,4 සහ 7 වන දා යන දිනවලදී කොළඹ…
පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය
පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වූ අතර එහිදී එම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව සඳහන් ය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව…
පළමු කාර්තුවේ කොළඹ වරායේ ආදායම ඩොලර් මිලියන 50 පනී
කොළඹ වරාය මේ වසර තුළ විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය අමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබාඇති බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
ජනාධිපතිවරයාගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
තමන් සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. උපුටා ගැනීම “මෙම ගමනේ දී මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුලසිටම මා සමග සිටි අයට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා…
වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව ඒකබද්ධ සේවා චක්‍රලේඛ මගින් ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (29) දිනයේ…
ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අරාබි මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට මෙම රතු නිවේදය පිළිබඳව සැලකිලිමත්වන ලෙසය. මේ අතර…
පාසල් 1250ක් ජාලගත කෙරේ
ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසී ය. ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා…