Headlines

    ට්‍රම්ප් ට වෙඩිතැබීම – වරදක් සිදුවූ බව චීට්ල් පිළිගනී

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී චීට්ල් පිළිගෙන තිබේ. අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවය. එහිදී රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නීති සම්පාදකයින්, ඇය…

    Read More

    තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500ක් හසු වෙයි

    පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන…

    Read More

    ඔන්ලයින් පනත ගැන අලුත් තීරණයක්

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2024.02.12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාසනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ…

    Read More

    අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි

    ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද (23) පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. “අක්ෂි රෝහල තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. කිසිසේත්ම ඔහුගේ තනතුරට…

    Read More

    ජනගහනයෙන් සියයට 20.3කට පානීය ජලය නෑ

    මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබේ. මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා…

    Read More

    ඡන්ද අල්ලස් දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නංවන්න යෝජනාවක්

    මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර ඊට…

    Read More

    පාන්වලට පාලන මිලක් ?

    බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.  අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා පවසා සිටියේ, බේකරි හිමියන් විසින් ඉදිරි දින දෙක තුළ…

    Read More

    සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීම ගැන අධිකරණ තීන්දුවක්

    රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත් කෙරුණි. මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද සලකා බැලුණි. අදාළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ…

    Read More

    චමරිගෙන් ශතකයක්

    ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත්…

    Read More

    ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය

    ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළේය.  කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව…

    Read More