Headlines

    ක්‍රිකට් භාරගත් සනත් මුලින්ම කරපු වැඩ දෙක

    ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නූතන ක්‍රීඩකයන්ගේ යම් යම් අඩුපාඩු ඇති බවය. “කණ්ඩායම මීට වඩා නිහතමානී වුණා නම්… ආකල්ප වෙනස් වුණා නම් තරග පැරදුනා කියලා ලංකාවේ මිනිස්සු මෙච්චර කල් බැනලා නැහැ. මිනිස්සු හරි ආදරය…

    Read More

    අලි සබ්රි රහීම් ට ඇප

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. එහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කර ඇත්තේ ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.  අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර…

    Read More

    බංග්ලාදේශයේ ඇඳිරි නීතිය පනවයි

    බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇත. රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්…

    Read More

    සරසවි තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි  – ජනපති

    විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවය. මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

    Read More

    මිනිසා සඳ මත පා තබා අදට වසර 55ක්

    මිනිසා පළමු වරට සඳ මත පා තැබූ ඓතිහාසික දිනය සනිටුහන් වී අදට (20) වසර 55ක් සැපිරෙයි. මිනිසෙකුගේ එක් කුඩා පියවරක්, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් වූ යෝධ පිම්මක් යන ඉතිහාසගත ඒ වඳන් පෙළ ලෝ ප්‍රකට අභ්‍යවකාශගාමි නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් ප්‍රකාශ කළේ  1969 වසරේ ජුලි 20වනදාවකය. මිනිසා පළමුවරට සඳ මත පා තැබූ එම මොහොත සජීවීව…

    Read More

    ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

    ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල…

    Read More

    මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

    ජපාන නිල සංවර්ධන ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන්වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබු මෙම ව්‍යාපෘති ආරම්භ කිරිමට අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය….

    Read More

    අධ්‍යාපනයේ නවීකරණය ට ජනපති යුනෙස්කෝ සහාය ඉල්ලයි

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබාගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර…

    Read More

    වාහන ගෙන්වීමට ආරම්භයක් අගෝස්තුවේ

    එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,  “අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව…

    Read More

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනා

    එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්‍රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම කාර්යාලය පෙන්වාදෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලාශ්‍රයන්ට අනුව රජයට අය විය යුතු නමුත් මෙතෙක් අයකරගෙන නොමැති…

    Read More