featureNews
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි
ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (17) නම් කෙරුණි. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15දෙනෙකු ඇතුළත් ය. ආසියාවේ ශූරියන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි. ඒ අනුව ආසියානු කුසලාන…
පොහොර වර්ග 5ක මිල අඩු කරයි
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල් 2,000 දක්වා මුදලකින් පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි. කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට…
ලාංකික ආහාර ජාත්‍යන්තරයට ගෙන ගිය අපේ සවින්ද්‍රි
“මාස්ටර් චෙෆ්” ඔස්ට්‍රේලියා 2024 රියැලිටි සූපවේදි තරගාවලියෙන් තුන්වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකිකයෙකු වන සවින්ද්‍රි පෙරේරා සමත්විය. එහි විශේෂත්වය වන්නේ, ඇය එම තරගය පුරා පිළියෙල කර තිබුණේ ශ්‍රී ලාංකීක ආහාර පානයි. එම ජයග්‍රණයෙන් පසු ඊයේ රාත්‍රියේ සවින්ද්‍රි පෙරේරා දිවයිනට පැමිණියාය. ශ්‍රී ලංකාවේ උපත ලද සවින්ද්‍රි පෙරේරා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට සංක්‍රමණය වී තිබුණේ වයස අවුරුදු 18දීය. ඇය…
ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්
ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුය. අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය. අදාළ නව ක්‍රමවේදය…
වර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින් ට රු. 10,000ක්
පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට
යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය. අද (16) අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. රජයේ ආරාධනාවක් මත Audrey Azoulay මහත්මිය මෙරට සංචාරයේ නිරත වන අතර ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය ජනාධිපති…
කාලගුණයෙන් රතු නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ආරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා අද (16) උදෑසන 3.00ට එම නිවේදය නිකුත් කර ඇත. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත්…
අනුර පෙන්නපු ෆයිල් ගොඩක් ඒවා හිස් – ජනපති
හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත් , ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. “2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති…
ජනපති සහ නීතිඥවරු අතර හමුවක්
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන අරමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙලට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවය. මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 108කින් නියෝජිතයින්…