featureNews
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය. එම නඩු…
විදුලි බිලට දැනෙන වෙනසක්
හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේය….
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මාට
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබුණි. ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ. කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන්…
ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ
පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරේදා (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා…
යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට
2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 75ක සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඉදිරියේ වෘත්තීය සමිති නියෝජිතයින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේය. ඒ අනුව අනධ්‍යයන සේවකයින් යළි සේවයට වාර්තා කිරීමට…
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය බණ්ඩාරවෙල සහ හීල් ඔය අතර දී පීලි පැන තිබේ. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාධා මතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පාතාලයට එරෙහිව ප්‍රදේශ කිහිපයක පෝස්ටර්
පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලවා ඇති බව වාර්තා වේ. එවැනි පෝස්ටර් දෙමටගොඩ, මහරගම, නුගේගොඩ සහ මාතර ප්‍රදේශවල අලවා තිබූ බව වාර්තා විය.
ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට තුවාල
අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් ඊශ්‍රායලයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය. එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ…
විප්ලව යනු කුමක්දැයි ජනපති පහදයි
සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ ගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය…