featureNews
පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති මැතිවරණ කොමිසමට කැඳවයි
ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවය. ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව…
හෙට පාසල් පැවැත්වීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය.
පළමුව ජනාධිපතිවරණය – ජනාධිපති
පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කවර පුද්ගලයෙකු අධිකරණයට ගියද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා පවසයි. කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්…
අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත මරුට
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ. ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.
හමාස් ප්‍රධානියෙක් මරුට
හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක්, ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර Ehab Al-Ghussein ද වූ බව සඳහන් ය. ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ…
ජනපතිගේ ධුර කාලය වසර 5ක් බව පැහැදිලියි – නීතිපති
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළාය. අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත්…
ලෙඩ වෙන රාජ්‍ය සේවය
රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි. තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතය. වැටුප් ඉහළ නැංවීම…
රුසියාවෙන් ගෙන ආ කැලෑ බළලා
නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනැවිත් ඇති බවට සැක කෙරෙන අප්‍රිකානු කැලෑ බළලෙකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ. මෙම සතා මෙරට හඳුන් දිවියාට සමාන ය. යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම සත්ත්ව විශේෂය සුරතලයට ඇති කරන අතර එබැවින් ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු…
උසස් පෙළ සමතුන්ට පොලි රහිත ණය
2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන උසස් පෙළ සමත් සිසුන් සඳහා වන මෙම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක කෙරෙන අතර මේ…
බ්‍රිතාන්‍යයේ සිටින සරණාගතයින්ට සහනයක්
පසුගිය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාවට නැංවූ “සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ” වැඩසටහන අත්හිටුවන බව බ්‍රිතාන්‍ය නව අගමැති කියා ස්ටාමර් පවසයි. ඔහු මේ බව පැවසුවේ මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරමිනි. පසුගිය රජය 2022 වසරේදී නිවේදනය කළේ නීත්‍යානුකූල නොවන ලෙස එරටට පැමිණෙන සංක්‍රමණික පිරිස් රුවන්ඩාවට යවන බවයි.