featureNews
ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි
ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු විසින් නිවේදනය අද (07) නිලවශයෙන් සිදු කර ඇත. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකුද වන ජෝන් සීනා 47 හැවිරිදි වියේ පසුවෙයි. ජෝන් සීනා පවසා පවසා ඇත්තේ, එළැඹෙන රෙස්ල්මේනියා තරගාවලියේදී තම අවසන් රෙස්ලිං තරගය වන බවත් එයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
තැපැල් සේවකයින් දැඩි තීරණයක් ගනී
තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ එම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 04 සිට ආරම්භ කිරීමට තීරණය කළ බවය. එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද (07) මධ්‍යම…
වර්ජනයට අපි නෑ
හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව ඔවුන් ප්‍රකාශ කරයි. එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් ජනතාවද අපහසුතාවට පත්වීම බවයි. ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බත් මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවත් ආණ්ඩුව පළවා හැරීමට…
සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ කුමන්ත්‍රණක් ගැන හෙළිදරව්වක්
ඉදිරියේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඒ සඳහා ආර්ථික අපහසුතා සහිත සේවකයින් එක්කර ගැනීමට එම කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව ඔහු සඳහන් කළේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව පැවසීය. මේ අතර…
ආදායම් වාර්තා තැබු චිත්‍රපට නිෂ්පාදකයා දිවියට සමුදෙයි
ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් ජීවිතක්ෂයට පත්වී තිබේ. මියයන විට ඔහු 63 වන වියේ පසුවිය. ඔහු පසුගිය වසර පුරාවට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව සඳහන් ය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයුරිය වන ටීනා පවසා ඇත්තේ “ගැහැණු ළමයෙකුට හිමිවිය යුතු හොඳම සහෝදරයා..” ඔහු බවයි
ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්
රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව්…
ඉරානයේ 9වන ජනාධිපතිවරයා මසූඩ්
ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි. ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමගය. පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ…
ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඊයේ (06) උදෑසන ඔවුන් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. පසුගිය ජූලි 01 වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන්…
ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට
මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් නම් ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ. මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට්…
අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත.