featureNews
සඳුදා වැඩවර්ජනයක්
රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් එම වැඩ වර්ජනයේ…
සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත එළිදක්වයි
සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනතාව හමුවේ එළිදැක්වීම අද (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණි. අවසන් සැලැස්ම එළිදැක්වීම සිදු කරන්නේ මේ සඳහා ජනතා අදහස් එක්කර ගැනීමෙන් පසුවය. ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාවය. සර්වජන බලය, උපාය මාර්ගික වැඩපිළිවෙළේ ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කෙරෙන පළමු කෙටුම්පත එළිදැක්වීම මෙය වෙයි. මෙම…
ශ්‍රී ලංකාවට ලැබුණු සහන ගැන පැහැදිලි කිරීමක්
ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම…
පලස්තීන ජනතාවට සැනසිල්ලක්
ඊශ්‍රායල – හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් එකඟතාවකට පැමිණ නොමැති බවය. හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද සැලැස්ම යෝජනා කර…
අන්තර්ජාල වංචා ඉහළට
වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ මාස දෙකක් ඇතුළත ළමුන්…
මම ready – ධම්මික පෙරේරා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය. එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා…
ජනාධිපතිවරණය කල් දමන්නයි ඉල්ලූ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් කිහිපයක්
දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින්…
චීන විද්‍යුත් වාහනවලට පොල්ලක්
චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව යුරෝපා සංගමය පවසයි. ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇත. එසේම චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා…
බ්‍රිතාන්‍යය ට නව අගමැතිවරයෙක්
බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි
වතු සේවක වැටුප් වැඩි කළ ගැසට්ටුවට අතුරු නියෝගයක්
වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.