Headlines

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    තමන් ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම්…

    Read More

    තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

    ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන්…

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරේ

    ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 3,690කි. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි. කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල…

    Read More

    වෙළෙඳපොළට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

    ලංකා අයිඕසී සමාගම විසින් අද (02) 100 ඔක්ටේන් පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය X ගිණුමේ  තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. මේ අතර ලංකා අයිඕසී සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා හමුවී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය. ලංකා අයිඕසී ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය…

    Read More

    සජබය ජාතික ආණ්ඩුවකට බෑ කියයි

    වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාව සජබ මන්ත්‍රී කණ්ඩායම අද (02) ඒකමතිකව අනුමත කර තිබුණි.

    Read More

    ට්‍රම්ප් ගැන අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට උපරිමාධිකරණයෙන් තීන්දුවක්

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ සිටියදී සිදුකළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට අමෙරිකානු උපරිමාධිකරණය තීන්දුකර තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පාර්ශ්ව කිහිපයක් වරින්වර අපරාධ නඩු පැවරීමෙන් පසු තමන්ට ජනාධිපති විනිර්මුක්තියක් ඇතැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව දුන්නේ ඊයේ (01) දිනයේදීය….

    Read More

    මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

    මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි. මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි…

    Read More

    ඖෂධවලට උපරිම සිල්ලර මිලක්?

    ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා…

    Read More

    සාකච්ඡා සාර්ථකයි

    සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවය. “අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග…

    Read More

    කාසියේ වාසිය කැන්ඩි කණ්ඩායමට

    ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වෙයි. ඒ දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර ය. එහි කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

    Read More