featureNews
විධායක සේවා නිලධාරීන්ට විශේෂ දීමනාවක්
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කළේය. මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ…
LPL තරග සඳහා පවර් බ්ලාස්ට් ඕවර්ස්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග සඳහා නව තරග රීතියක් හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ. ඒ යම් ඉනිමක අවසාන භාගය සඳහා “Power Play” අවස්ථාවක් හඳුන්වා දීමය. එම නව වෙනස්කම හඳුන්වා දී ඇත්තේ “Power Blast Overs” යනුවෙනි. ඒ අනුව යම් ඉනිමක 16වන සහ 17වන පන්දු ඕවර දෙක “Power Play” අවස්ථාවක් වෙයි. එම පන්දු ඕවර දෙකේදී…
ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම ගැන IMF මතය කියයි
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණයහිමි රටවල් සමග ඇතිකරගත් එකඟතා, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා පියවරක් ඉදිරියට තැබීමක් ලෙස සැලකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම එකඟතා ඔස්සේ ඩොලර් බිලියන 10ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.
තඹුත්තේගමින් කොටුකර ගත් හොර නෝට්ටු මුද්‍රණාලය
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ ව්‍යාජ නෝට්ටු ළඟ තබා…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බවය. 2022 වසරේ මැයි මාසයේ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි. ඔහුගේ…
ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයි
ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමීව මෙම අවසන් එකඟතාවයට පැමිණ ඇත. අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් මෙලෙස අවසන් එකඟතාවට එළැඹ තිබේ. මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙනම ආයතනයක් කරයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම යටතේ ඊට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එමඟින් ඊට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කරගැනීමට හැකිවන අතර ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට ද හැකි වනු ඇති බව සිය x ගිණුමේ සටහනක්…
ක්‍රිකට් උඩුයටිකුරු කළ ඩක්වර්ත් ජීවිතයෙන් සමුගනී
වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය. ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 දීය. එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්…
උපකාරක පන්ති නියාමනය කළ යුතු බවට ප්‍රකාශයක්
ලංකවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඔහු පවසන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියටන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවය. “අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින්ව උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත්…
ගුරු – විදුහල්පතිවරු ලෙඩ වෙති
ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවය. අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා…