featureNews
තෙත්බිම් සංරක්ෂණය ගැන ජනපති කළ කතාව
තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ දේශගුණික විපර්යාසවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බවය. පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය…
ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් දැනුම්දීමක්
උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය. මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු…
වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් ලබාගනී
වසර 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ අදින් අවසන් වූ කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වීමත් සමගය. හම්බන්තොට දී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම…
ශාරුක් වාර්තා අතරට
ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ. එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ෂාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි. ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වන අතර දකුණු ඉන්දීය නළුවන්…
ඔස්ට්‍රේලියාවට ජය
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරගය DLS ක්‍රමවේදය අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 141කි. පිළිතුරු ඉනිම…
EPF වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක්
මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත…
ඉන්ධන ලබාගැනීමට ඔබ වැඩිපුර ගෙවන මුදල
ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව අනාවරණය වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්…
උතුම් පොසොන් පොහොය අද
මෙරටට බුදදහම දායාද කරමින් අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකක් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම රැගෙන මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි පොසොන් පුර පසළොස්වක පෙහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ…
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන ආ කැබිනට් යෝජනාව
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන පරිදි පසුගිය වසරවල ලද අත්දැකීම් පදනම් කරගෙන එම සංශෝධන කිරීමට නියමිතය. එකී සංශෝධිත අනුව 2025 වසර සඳහා සහ ඉන් ඉදිරියට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු…
වසරේ ගතවූ මාස 6 තුළ මී උණ රෝගීන් 5,000ක්
වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසය. වෙල් උණ, පතල් උණ හෝ මඩ උණ ලෙසින් හැඳින්වෙන මී උණ රෝගය වෛද්‍ය විද්‍යාවට අනුව නම් කර…