Headlines

    යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබේ. යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇත.

    Read More

    රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

    වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (19) දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය. ඒ කොළඹ පැවති උත්සවයකදීය. එය නම් කර තිබුණේ “ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025” නමිනි. මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින්…

    Read More

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට තවත් ප්‍රකාශයක්

    අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රො සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව ඊයේ (19) දිනයේ එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. එමඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම…

    Read More

    තැපැල් මුද්දරයක මිල ඉහළට

    තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පැවසීය. 2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50කි. තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව ඔහු කීය.

    Read More

    රුසියානු ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවට පැමිණ තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වන අතර පුටින් ජනාධිපතිවරයා වසර 24කට පසුව උතුරු කොරියාවේ සිදුකරන සංචාරය මෙය බවය. එරටට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව ගුවන්තොටුපොළ පැමිණ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පිළිගෙන තිබේ. රාජ්‍ය නායකයන් දෙදෙනා අවසන් වරට…

    Read More

    තාඹුගලගේ රහස් ප්‍රකාශය 24 වන දා ලබාදීමට අධිකරණ නියෝග

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව රහසිගත ප්‍රකාශයක් ලබන 24 වන දා ලබාදීමට අධිකරණය විරංජිත් තාඹුගලට අධිකරණය නියෝග කර තිබේ. තමාට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවට විරංජිත් තාඹුගල සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව…

    Read More

    ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

    නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර…

    Read More

    දිස්ත්‍රික්ක 11ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝ 7,700ක්

    දිස්ත්‍රික්ක 11 ක් පුරා ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මඟින් එම අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7,700කට අධික ප්‍රමාණයක් එක් රැස්කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චතුර මල්වැන්න මහතා සඳහන් කළේ, අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන යෙමු කිරීමට පියවර ගෙන ඇති බවය. “ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම…

    Read More

    ලබන 26 වනදා ගුරුවරු ලෙඩ වන බවට අනතුරු ඇඟවීමක්

    ලබන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බවය. කෙසේ වෙතත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඊයේ (18) පැවති උත්සවයකදී සඳහන් කළේ, වෘත්තීය…

    Read More

    වව්නියාවේ භූකම්පනයක්

    වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය. රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය….

    Read More