Headlines

    විශේෂ දැනුවත් කිරීමක්

    ආදරණීය කතාවක් ඇතුලු චිත්‍රපට කිහිපයක නම් ව්‍යාජ ලෙස භාවිතා කරමින් ටෙලිග්‍රෑම් සහ අනෙකුත් සමාජමාධ්‍ය ඔස්සේ මුදල් ජාවරමක් කිසියම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. මෙම කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගැනීමට චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම මේ වනවිටත් අදාල අංශ දැනුවත් කර ඇත. මෙම ආයතන වලට මුදල් බැර කර හෝ ඔබගේ පෞද්ගලික බැංකු ගිණුම් අංක දුරකථන අංක…

    Read More

    ජල සැපයුම යථාතත්ත්වයට පත්කිරීම ගැන දැනුම්දීමක්

    ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් කලටුවාව සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක ගැටී අනතුරක් සිදුව තිබුණේ අද අලුයම 2ට පමණය….

    Read More

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක් 

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය යි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය….

    Read More

    හජ් උත්සවය අදයි

    ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබේ. පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හැදින්වේ. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින්…

    Read More

    පොලීසියේ ට්‍රැෆික් නිලධාරීන්ට ලැබෙන අලුත්ම ගාස්තුව මෙන්න

    පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර ඇති බව පොලීසිය දැනුම්දෙයි. මෙම පොලිස් නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් කටයුතු කරන බවත් පොලීසිය පවසයි. ඒ අනුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදුකරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමට තීරණය කර ඇත. එම විස්තර…

    Read More

    අමෙරිකාවේ රන් කොල්ලයක්

    අමෙරිකාවේ කැලිෆෝනියා හි රන් භාණ්ඩ සාප්පුවකට ඇතුළු වූ පිරිසක් රන් භාණ්ඩ කොල්ලකන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 20 දෙනෙකු පමණ මෙම කොල්ලයට එක්වී ඇති අතර ඉන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. විනාඩි 3ක පමණ කාලයක් තුළදී ඔවුන් හැකි තරම් රන් භාණ්ඩ සොරාගෙන පළා ගොස් තිබුණි.

    Read More

    මන්නාරමේදී උරුමය ඉඩම් ඔප්පු බෙදා දෙයි 

    “උරුමය ” වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයට ඉඩම් ඔප්පු 5,000ක් ලබාදීමට නියමිත අතර මේ වනවිට ඉඩම් ඔප්පු 442ක් ලබාදී අවසන් බව ජානාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. “උරුමය ” සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ අද (16)  සිදු…

    Read More

    ගතවූ මාස 06ට මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික තොගයක් නාවික හමුදා භාරයට

    මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේය. බහුදින යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3,250කට අධික වටිනාකමකින්…

    Read More

    දුම්රිය ධාවනයට බාධා

    ප්‍රධාන මාර්ගයේ සහ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අද (16) උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියේ ප්‍රධාන නියාමක මහතා දුම්රියෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරක් හේතුවෙන් එම දුම්රිය මේ වනවිට ගම්පහ දුම්රිය ස්ථානයේ නවත්වා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.  ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව සඳහන්ය. ගනේමුල්ල…

    Read More

    කෝපා කමිටුව හමුවට තවත් ආයතන කිහිපයකට කැඳවීම්

    රාජ්‍ය ආයතන කිහිපයක් ලබන සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබේ. කෝපා කමිටුව එළැඹෙන සතියේ දී දින තුනක් රැස්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අනිද්දා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන්ය. මීට අමතරව එළැඹෙන 20 වනදා මහා…

    Read More