featureNews
මොකක්ද මේ mpox ?
mpox නම් වෛරස් රෝගය වැළඳුනු තවත් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ මියගොස් තිබේ. ඒ එම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බව වාර්තා වෙයි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් ය. මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය. මීට පෙර මෙම වෛරස…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (15) පැවති එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගය පැවැත් වුණේ හම්බන්තොට ක්‍රීඩාංගණයේදී ය. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කාන්තා කණ්ඩායමට ලබා දුනි. ඒ අනුව කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි…
උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP රටපනි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබු බවට චෝදනා එල්ල වී ඇති සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග අනුව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය….
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි. එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. තවත් අසාර්ථක තරගාවලියක් නිමා…
කුලී නිවෙස් හිමියන්ට එන අලුත්ම බද්ද
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති නවතම සවිස්තරාත්මක වාර්තාවක මේ පිළිබඳව දක්වා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී…
රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබීය. රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබේ.
මේ වසරේ පළමු කාර්තුවේ දී මෙරට ආර්ථිකයේ වර්ධනයක්
2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3%ක් ලෙස දැක්වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව 2023 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 3,161,963ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේ පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 3,329,583ක් ලෙස වාර්තා වී…
පුටින් ට අනතුරු ඇඟවීම්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අමෙරිකාව සහ දකුණු කොරියාව පවසන්නේ එමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද සබඳතා තවත් වර්ධනය විය හැකි බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට එරෙහි ක්‍රියාවක් බවත් ය. රුසියානු ජනපතිවරයාගේ සංචාරය හේතුවෙන් උතුරු කොරියාව සහ රුසියාව අතර…
වාහන ගෙන්වන සැලසුම IMF වෙත ඉදිරිපත් කරයි
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය. 2024 වසරේ තුන්වන කාර්තුවේදී පොදු…
සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බවයි. ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇත. දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙයි. විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ…